ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් වුණා.
පසුගිය 6 වනදා ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම සැකකරුවන් අවුරුදු 23 හා 36 අතර වයස්වල පසුවන්නන්. මොවුන්ට අමතරව කාන්තාවක්, ජංගමදුරකතන 9 ක්, මෝටර් රථයක් හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිස්තෝලයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කදවුරේ නිලධාරීනුයි අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.