මෑත දිනවලදී චීනය හා සම්බන්ධ ප්‍රධාන පුවත් දෙකක් ශ්‍රී ලංකාවේදී නෙත ගැටුණු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චීචෙන්ග්හොන්ග් මහතා පවසයි. නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ අනවසරයෙන් සංචාරය කිරීම හා යුවන්වන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම එම පුවත්දෙකයි. නැන්සිපෙලොසිගේ සංචාරයට එරෙහිව චීනය වහාම ප්‍රතිපියවර දැක්වීය.රටවල් 170කට අධික සංඛ්‍යාවක් එකම චීනය ප්‍රතිපත්තියට දැඩිව සහාය පලකළ අතර ඇමරිකාවේ ප්රාකෝපකාරීක්රියාවට දැඩි විරෝධය පළ කෙරිණ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ හා සමාජ කණ්ඩායම් චීනයේ සාධරණත්වය වෙනුවෙන් විවෘතව හඬනැගීම ගැන තමා කෘතවේදීවන බවද චීන තානාපතිවරයා සඳහන් කරයි.
ඒ අතරම තුන්වන පාර්ශ්වයන්හී පදන්ම් විරහිත සහ දුෂ්ඨ බාධා කිරීම් මධ්‍යයේ චීනයේ විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක්වන යුවන්වන්ග්5 ශ්‍රී ලංකා රජයේ අවසරය සහිතව නෞකාව හම්බන්තොටවරායට සේන්දුවිය.
මෙම කාරණා දෙක අදාළ නොවන ලෙස පෙනිය හැකි දෙයක්මෙන්ම සැතපුම් දහස්ගණනක් ඇතීන් සිදුවු සිද්ධීන් දෙකක් වුවද ඉන් චීනය සහ ශ්‍රී ලංකාව සමාන වැදගත්කමක් බෙදාහදා ගැනීමක් දැක්වේ. එනම් එකිනෙකා ඒකාබද්ධව ආරක්ෂා කිරීමය. එකිනෙකාගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව මෙම කාරණා දෙකටම සම්බන්ධය.ක්‍රියාව හා ප්‍රතිඵලයද සමානය.වසර 65කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ සිට චීනය හා ශ්‍රී ලංකාව සැමවිටම අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය, මූලික හා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ලක්වන කරුණු වලදී එකිනෙකාට සහාය දැක්වීමේ මනා සම්ප්රදාය මෙම කාරණා දෙකේදීම මැනවින් පිළිබිඹුවූ බව ලංකාවේ චීන තානාපති චීචෙන්ග්හොන්ග් මහතා පෙන්වාදෙයි.