නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් පන්කෝටි පනස්ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැනුනා.
වසර 10ක පමණ කාලයක් ප්‍රංශයේ පැරිස් නුවර රැකියාවක නිරතව සිට ආපසු පැමිණෙමින් සිටි අයෙකු මෙම ස්වර්ණාභරණ තොගය රැගෙන විත් තිබෙනවා. වයස අවුරුදු 38ක් වන මොහු මාලඹේ ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. ගුවන්තොටුපොලේ ඇති හරිත මාවත ඔස්සේ එයින් පිටතට යාමට ඔහු උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.
කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 414ක් බරැති මෙම ස්වර්ණාභරණ අතර ග්‍රෑම් 586කට වඩා බරින් යුත් මාලයක් ඔහු සිය ගෙලෙහි පැළද සිටි බවයි ගුවන්තොටුපොල වර්තා සදහන් කරන්නේ. ඔහුගේ ගමන්මල්ලෙහි අනෙකුත් ස්වර්ණාභරණ ඉතා සූක්ෂම අයුරින් සගවා ගනිමින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.