පසුගිය දිනවල පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ දේශපාලනඥයන්ගේ දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමිත් උඩුකුඹුර මහතාට අයත් ජීප් රථ දෙකකට පසුගිය මැයි මස 10 වනදා පහර දී හානි සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 53ක් හා 42ක් වන මෙම සැකකරුවන් දරමිටිපොළ හා පන්ලියද්ද යන ප්‍ර දේශවල පදිංචි කරුවන්. අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොළවත්ත මහතාට අයත් නිවසට හා දේපළවලට පහර දී හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වැලිවිට හා හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. වයස අවුරුදු 19/20/24 හා 29 යන සීමාවන් හි පසුවන මෙම පිරිස සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.