හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් සිංහරාජයට නුදුරින් ඇඹිලිපිටිය, කොලොන්න ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි ‘ග්‍රීන් එකෝ ලොජ්’ හෝටලයේ මැයි 10 වැනිදා භාණ්ඩ සොරකම් කර හෝටලයට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු සඳුදා සහ අඟහරුවාදා දිනවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් අවුරුදු 25 සහ 50 වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මැයි 10 වැනිදා කෝපයට පත් විරෝධතාකරුවන් විසින් හෝටලයට ගිනි තැබීමෙන් පසු එම හෝටලය යෝෂිත රාජපක්ෂට අයත් බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ අතර එය ඔහු විසින් වහාම ප්‍රතික්ෂේප කළා.
ගිනි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.