මුහුදේ දී හදිසි රෝගී තත්ත්වයකට ලක්වූ බහුදින ධීවර යාත්රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර ලබාදීමට නාවික හමුදාව කටයුතු කළා.
ත්රිකුණාමලය පවුල්තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ ඊසාන දෙසින් වූ මුහුදු ප්රදේශයේදීයි මෙම ධීවරයා රෝගී තත්ත්වයට පත්වුණේ.
ත්රිකාණාමලය කොඩ්බේ ධිවර වරායෙන් ධීවරයින් 6 දෙනෙකු සමග පිටත්ව ගිය මනුකි බහුදින ධිවර යාත්රාවේ සිටි ධීවරයෙකුයි රෝගී තත්ත්වයට පත්වුණේ.
මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු වහාම ක්රියාත්මකව එම ධීවරයා ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර කරනු ලැබුවා.