පසුගිය ජූලි 13 වනදා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැළුම් අමරසිංහ කුරුදුවත්ත පොලිසියට අද භාරවුණා.
අරගලකරුවන් සම පැමිණ බලහත්කාරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට කැළුම් අමරසිංහ ඇතුළු පිරිසක් බලපෑම් කළා. ඔහු දනීෂ් අලී නමැත්තා සමග සජීවීව පෙනී සිටිමින් අරගලයේ අරමුනු පැහැදිලි කරනු ලැබුවා. මේ වන විට කැලුම් අමරසිංහ නමැත්තාගෙන් කුරුදුවත්ත පොලිසිය ප්රකාශ කරගනිමින් සිටිනවා. ඔහුගේ නීතීඥවරුන් පවසන්නේ කැලුම් අමරසිංහ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.