ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ දෙල්ගොඩ ප්රදේශයේදීයි. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 4 යි මිලිග්රෑම් 520 ක්ද සොයා ගැණුනා. පසුව ඔවුන් ගල්කිස්ස පොලීසිය වෙත භාරකෙරුණු අතර ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ දී පසුගිය 4 වනදා අදාළ වෙඩි තැබීම සිදුවුණා.