fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2022 16:11

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,539ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගෙවී ගිය පැය 24 තුළ සිදු ව ඇති මරණ සංඛ්‍යාව 34ක්. මෙලෙස කොරෝනා රෝගීන් දස දහසකට වඩා අඛණ්ඩව වාර්තා වීම අතිශය අවදානම් සහගත තත්ත්වයක් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය 3.75%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. පවතින තත්වය හේතුවෙන් යළිත් වරක් වසංගතයක් ලෙස සීඝ්‍රයෙන් පැතිර යා හැකි බැවින් සෞඛ්‍ය පුරුදු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එරට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2022 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්