fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ කෝටිපතියෙකුට අයත්ව තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක් වෙන්දේසියකට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2022 21:47

රුසියාවේ කෝටිපතියෙකුට අයත්ව තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක් වෙන්දේසියකට

රුසියාවේ කෝටිපතියෙකුට අයත්ව තිබූ ඇක්ෂියෝමා නමැති සුඛෝපභෝගී යාත්‍රාව වෙන්දේසියක අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

රුසියාවට පැන වූ සම්බාධකවල ප්‍රතිඵලයක් වශයෙනුයි මෙම යාත්‍රාව පසුගිය මාර්තු මාසයේදී තහනමට ගැනුණේ. ඇමෙරිකා ඩොලර් මිලියන 75 කට අධික වටිනාකමින් යුත් අධි සුඛෝපභෝගී මෙම යාත්‍රාව තුළ ත්‍රිමාණ චිත්‍රපට ශාලා, පිහිනුම් තටාක, සම්භාහන ශාලා, ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.

මෙම යාත්‍රාව කුළී පදනම මත ලබාදීමෙන් සතියකට යූරෝ පන්ලක්ෂ හතළිස් නවදහසකට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2022 21:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්