සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයකට අල් ෂබාබ් සටන්කාමී සංවිධානය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අල්ෂබාබ් සටන්කාමීන් හෝටලයේ පාලනය තමන් සතු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෝටලය ඉදිරිපිට පිපුරුම් දෙකක් සිදුව තිබෙනවා. ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සෝමාලියා රජයට එරෙහිව අල් ෂබාබ් සටන්කාමී සංවිධානය වසර ගණනාවක් පුරා අරගලයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සටන්කාමී සංවිධානය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ වූවක්.