උතුරු දිග සිරියාවේ වෙළෙඳපොළකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් කුඩා දරුවන් 5 දෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් 14 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
උතුරුදිග සිරියාවේ වෙළෙඳපොළකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිසයිල ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී මෙම වෙළෙඳපොළ තුළ විශාල පිරිසක් රැස්වසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. මියගිය පිරිස අතර කුඩා දරුවන් 5 දෙනෙකු ද සිටිනවා. 30 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය පිටුපස තුර්කි සහාය ලබන සටන්කාමීන් පිරිසක් සිටින බවයි සිරියා රජය චෝදනා කළේ.