දකුණු කොරියා ජනාධිපතිවරයා උතුරු කොරියාවට අධාර ලබා දීමට යෝජනාවක් සිදුකළ අවස්ථාවේදී කට වසා ගන්නා ලෙස උතුරු කොරියාව ඔහුට තර්ජනය කර තිබෙනවා.
දකුනු කොරියා ජනාදිපතිවරයා සදහන් කර තිබුණේ උතුරු කොරියාව න්‍යෂ්ඨික වැඩපිලිවෙල අත්හරින්නේ නම් තමන් ආර්ථික වශයෙන් ආධාර කිරීමට සූදානම් බවයි. ඔහු මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙම යෝජනාව සිදුකර තිබුණා.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියා රජයේ කෝපය පළවී ඇති අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගනිය ප්‍රතිචාර දැක්වීම සිදුකර තිබුණා. උතුරු කොරියාවට ගෞරවයක් වන ආකාරයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට දකුනු කොරියාව වග බලා ගත යුතු බවයි උතුරු කොරියා නායකයාගේ නැගණිය මෙන්ම එරට බලවත් නායිකාවක වන කිම් යෝ ජොන්ග් සදහන් කර තිබුණේ.