එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට ආසියා හා ෆැසිපික් කාලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර්,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර්,එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්දීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පානි යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.
ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබද අධ්යක්ෂ දිනුක් කොළඹගේ,ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධන කටයුතු පිළිබද අධ්යක්ෂ රන්දුල අබේධීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.