fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යාංශ ලේකම්වරු පහකට සහ තානාපතිවරයෙකුට උසස් නිලතල කාරක සභාවේ අනුමතිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 17:09

අමාත්‍යාංශ ලේකම්වරු පහකට සහ තානාපතිවරයෙකුට උසස් නිලතල කාරක සභාවේ අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකුට සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ පත්වීමට, වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් මහත්මියගේ පත්වීමට සහ මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත මහතාගේ පත්වීමට සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.පී.ඒ. විමලවීර මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්