අගෝස්තු (12) වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව , ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව අද (15) දිවයිනෙන් පිටත්ව යන ලදී.
ඒ අනුව, නිල සංචාරය නිමා කළ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඔ වරායේදී අද (15) සිදුකරන ලදි. අනතුරුව PNS TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී, ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් සිඳුරළ නෞකාව සමඟ කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, නෞකා හැසිරවීම් සහ සෙවීමේ හා මුදවාගැනීමේ අභ්‍යාසයන් ගෙන් සමන්විත වු ඒකාබද්ධ සුහද නාවික අභ්‍යාසයක්(Passage Exercise) සිදුකරන ලදි.
මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් විදේශීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා සුහදශීලීත්වය වර්ධනය කරගැනීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම අපේක්ෂා කරන අතර, එමඟින් පොදු සමුද්‍රීය අභියෝග ඉදිරියේදී සාමූහිකව ජය ගැනීම සඳහා ද මහත් පිටුවහලක් වනු ඇත.