fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 16:03

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

වත්තල හුණුපිටිය කොමර්ෂල් පොහොර සංස්ථාවේ පැවැති උත්සවයකදීයි අමාත්‍ය මහින්ද අමරවීම මහතා මේ බව සදහන් කලේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ දෙවැනි ආහාර ද්‍රව්‍ය අලෙවිසැල අමාත්‍යවරයා අතින් මෙහිදී විවෘත කෙරුණා. කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර අලෙසැලද මීට සමගාමීව විවෘත කිරීමටයි කටයුතු කෙරුණේ. මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වී අස්වනු මිලදී ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්