fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට ලිපියක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 14:52

පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට ලිපියක්

උතුරු කොරියාව සමඟ පවත්නා ද්වීපාර්ශ්වික සබදතා ඉහළ නැංවීමට කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් වෙත ලිපියක් යොමුකරමිනුයි රුසියා ජනාධිපතිවරයා මේ බව පවසන්නනේ. ද්වීපාර්ශ්වික සබදතා යටතේ කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ. පොදු ප්‍රයත්නයන් සදහා විස්ථීරන හා ඵලදායී ද්වීපාර්ශ්වික සබදතා පුලුල් කිරීමට අදහස් කරන බවද ව්ලැඩිමීර් පුටින් අවධාරණය කරනවා. රුසියාවේ හා උතුරු කොරියාවේ සබදතා දෙරටේ අවශ්‍යතාවයන් සදහා පමණක්ම වන අතර එය කොරියානු අර්ධද්වීපයේ හා ඊසානදිග ආසියා කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට උපකාර වන බව ද රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මේ අතර දෙරට අතර උපායමාර්ගික හා උපායශීලී සහයෝගීතාව නව මට්ටමකට ගෙනඒමට කටයුතු කරන බවයි පිළිතුරු ලිපියක් යොමුකරමින් උතුරු කොරියා නායකයා සදහන් කර ඇත්තේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්