ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකට රාජ්‍ය සේවයේ පූර්ණ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නා.
රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ
අධිකරණ නිලධාරින් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු , රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) ලිපියක් යොමු කරමින්
මෙම දැනුම් දීම සිදු කර ඇත. එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXVII වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතුය.
ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග ලිපි ගනුදෙනු කරන්නේ නම්, එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදු කළ යුතු වේ. අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළව එදිනෙදා සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා
අධිකරණ නිලධාරීන් සමග සිදු කරනු ලබන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් හා අධිකරණ නිලධාරීන් සම්න්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බව ද ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.