fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන ආර්ථිකය 2.2%කින් ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 13:55

ජපාන ආර්ථිකය 2.2%කින් ඉහළට

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කඩාවැටුනු ජපාන ආර්ථිකය සියයට දෙකයි දශම දෙකකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම වසරේ දෙවන කාර්තුව තුළදී ජපාන ආර්ථිකය මෙලෙස සියයට දෙකයි දශම දෙකක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට පනවා තිබූ දැඩි නීති ඉවත්කිරීමට පසුගිය මාර්තු මාසයේ දී කටයුතු කිරීම ඊට හේතුවී තිබෙනවා. භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ යාම ආර්ථිකය වර්ධනයට හේතුවී ඇති බවද සදහන්. ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලයේ දී එරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගොස් ඇත්තේ සියයට දශම එකක අගයකින් පමණයි. මේ වනවිට ජපාන ආර්ථිකය ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.07 ක අගයේ පවතිනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්