ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතීෂ් එන් ගෝර්මන්ඩේ මහතා දිවයිනට පැමිණියා. ඩොනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් බාර දීම සදහායි ඒ මහතා දිවයිනට පැමිණ තිබෙන්නේ.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සදහා ද්වීපාර්ශ්වික කරුණු පිලිබද සාකච්ඡා කිරීම ද මෙම සංචාරයේ අරමුණක් වෙනවා. ඉන්දියාව මෙරටට ලබා දෙන ඩෝනියර් ගුවන් යානය කෙටි ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් සහිත බහුකාර්ය සැහැල්ලු ගුවන්යානයක් වන අතර එය ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් සමුද්‍ර නිරීක්ෂණ ආපදා සහන සදහා ඉන්දීය නාවික හමුදාව භාවිත කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීම හා ආර්ථික සංවර්ධනය සදහා ඉන්දියාව ලබා දෙන සහයෝගයේ තවත් අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම ගුවන්යානය ලබා දෙන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ