fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉක්වදෝරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 10:03

ඉක්වදෝරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින්  පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඉක්වදොරයේ ගායිකියුල් ප්‍රදේශයේ අපරාධ කල්ලියක් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව ඉක්වදෝර අන්තර් කටයුතු අමාත්‍යවරයා නිවේදනය කරනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද සදහන්. එම ප්‍රහාරය අපරාද කල්ලි රජයට එරෙහි යුද ප්‍රකාශ කිරීමක් ලෙසයි විශ්ලේෂකයින් හදුන්වන්නේ. ඉක්වදෝරයේ ප්‍රහාරය සිදු වූ ප්‍රදේශය හරහා පේරු රාජ්‍යයට හා කොලොම්බියාවට කොකේන් බෙදා හැරීම සිදුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ප්‍රහාරය එල්ල කල අපරාද කල්ලිය ඉක්වදෝරයේ අපරාධ රැසකට සම්බන්ධ බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්