fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරියා පොහොර බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:59

යුරියා පොහොර බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක්

යල කන්නය සදහා යුරියා පොහොර බෙදා හැර අවසන් කළ වහාම ඒ පිළිබද පූර්ණ විගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

යල කන්නය සදහා යූරියා පොහොර බෙදා හැරීම සීයට අනූ අටකින් මේ වන විට අවසන් කර තිබෙනවා. ඉතිරි සීයට දෙකක ප්‍රමාණය මේ සතිය තුළ අවසන් කිරීමයි අපේක්ෂාව. කෙසේ වුවද යූරියා පොහොර බෙදා හැරිම සම්බන්ධව පූර්ණ විගණනයක් සිදු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. පොහොර බෙදා හැරීමේ දී අඩුලුහුඩුකම් දුර්වලතා මෙන්ම අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීම් කර ගැනීම එහි අරමුණයි. අක්‍රමිකතා සිදුව ඇත්නම් අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ද මෙලෙස විගණනයක් සිදු කිරීමේ තවත් අරමුණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්