fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:17

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන්

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 228කින් කොරෝනා වෛරස් ආසාදිතයින් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 966ක්.

ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ හැට හය දහසකට අදිකයි. එමෙන්ම දකුණු කොරියාවේ එක් ලක්ෂ දහනම දහසක් රුසියාවෙන් විසි අට දහසක් හා තායිවානයේ විසි එක් දහසක් ලෙස වෛරස් ආසාදිතයින් හමුව තිබෙනවා. ගත වූ පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 238 වාර්තා වන්නේ ජපානයෙන්. ඒ සමගම ලොව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව හැට හතර ලක්ෂ පනස් පන්දහසකට ආසන්න වෙනවා. හමුව ඇති සමස්ථ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව පනස් නම කෝටි පනස් එක් ලක්ෂයකට අධිකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්