fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:37

ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් අද පෙරවරුවේ සිට රාත්‍රිය දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ තරුණ දින සැමරුම් වැඩසටහන් රැසක් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

තරුණ තරුණියන් 500 කගේ සහභාගීත්වයෙන් තරුණ කදවුරක් ද පැවැත්වෙන අතර අද දවස පුරා විවිධ ක්‍රීඩා වැඩසටහන් රැසක් පැවැත්වෙන බවයි ජාතික තරුණ සේවා සභාව පවසන්නේ. අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙනවා. ජාත්‍යන්තර තරුණ දිනය සෑම වර්ෂයකම අගෝස්තු 12 වනදා සමරනු ලබනවා. ඊට සමගාමීවයි මෙම වැඩසටහන් මාලාව සංවිධාන කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්