fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හරක් කටාගේ කුලී වෙඩික්කරු වන ‘කදිරා’ STF අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 08:58

හරක් කටාගේ කුලී වෙඩික්කරු වන ‘කදිරා’ STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ප්‍රධාන කුලී වෙඩික්කරු බව කියන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි තොරතුරකට අනුවයි. හරක් කටා නමැති සැකකරු පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වුණා. ඔහුගේ ප්‍රධානතම වෙඩික්කරු අත්අඩංගුවට ගැණුනේ බොරැලස්ගමුව ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පලක රැදී සිටියදීයි. හරක්කටාගේ කොන්ත්‍රාත්තුවකට අනුව කිසියම් අපරාධයක් සදහා මොහු මෙම ස්ථානයේ රැදී සිටි බවටයි විශ්වාස කෙරෙන්නේ. මොහු ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් ඇතුලු අපරාධ රැසකට ද අවශ්‍ය සැකකරුවෙකු බව පොලීසිය පවසනවා. ජීව උණ්ඩ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 17 ක්ද මොහු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ මර්දන ඒකකය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්