යුවාන් වැන්ග් 5 චීන නෞකාව සදහා නිෂ්කාශන කටයුතු පිළිබදව චීන තානාපති කාර්යාලයට දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර තිබෙනවා.
යුවාන් වැන්ග් 5 චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීම සදහා කටයුතු සලසන ලෙස ඊයේ දිනයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වරාය පාලකවරයා දැනුවත් කර තිබෙන බවට වාර්තා වනවා. චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන මෙම නෞකාවට මීට පෙර අගෝස්තු 11 ත් 17 ත් අතර කාලය තුළ හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබාදී තිබුණා. කෙසේ වෙතත් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මත නෞකාවේ පැමිණීම ප්‍රමාද වූ අතර මෙම නෞකාව අගෝස්තු 16 ත් 22 ත් අතර දිනවල නැවත පිරවීමේ අරමුණ සදහා සහ නිෂ්කාශන කටයුතු සදහා ඉල්ලුම් කරන බව චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික සටහනක් මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා තිබෙනවා. මෙම සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අගෝස්තු 16 ත් 22 ත් අතර දක්වා කල් දමන ලද නෞකාවේ පැමිණීම සදහා කටයුතු සකස් කරන ලෙස අගොස්තු 13 වනදා චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත දන්වා යවන ලද බව විනදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.