fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහල් කීපයක පවතින ඖෂධ හිඟය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කමිටුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2022 12:16

රෝහල් කීපයක පවතින ඖෂධ හිඟය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කමිටුවක්

දිවයිනේ රෝහල් කීපයක පවතින ඖෂධ හිඟය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කමිටුවක් පත්කර තිබෙනවා. ඒ තුළින් ලබාගන්නා තොරතුරු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අනුරාධපුර රෝහල ඇතුළු තවත් රෝහල් කීපයක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවට වාර්තා වී තිබුණා. වෛද්‍යවරුන් ඖෂධ තුන්ඩු නිකුත් කළ ද රෝහල්වල පවතින ඔසුසැල්වල එම ඖෂධ නැති බවටයි රෝගී ජනතාව චෝදනා කළේ. මේව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශයෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ හිඟ ඖෂධ පිළිබඳ නිවැරදි තොරතුරු ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති අතර එම දත්ත මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2022 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්