මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ. හෙට සිට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බවයි.
මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් රැගත් දෙවන බොර තෙල් නෞකාව අගෝස්තු 23 වනදා සිට 29 වනදා දක්වා අතර කාලය තුළ පැමිණීමට නියමිත බවද එහි සදහන්. එම බොරතෙල් නෞකා දෙකම රුසියා බොරතෙල් වන අතර ලබන සතිය මැද වන විට එහි පිරිපහදු කටයුතු ආරම්භ කරන බවයි එම ට්විටර් පණිවුඩයේ අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.
මේ අතර කිව් ආර් ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබදව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවති ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබද ප්‍රගති සමාලෝචනයේදීයි. බෙදාහරින ලද ඉන්ධන ප්‍රමාණය සහ කිව් ආර් ක්‍රමවේදය භාවිත කරමින් නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයන් පිළිබදව දත්ත පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරුණා.