පාසල් දරු දැරියන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමට දානපතීන්ගේ සහය
Related Articles
මෙරට පාසල් දරු දැරියන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා දානපතීන්ගේ සහාය ලැබෙමින් පවතිනවා.
දරු දැරියන්ගේ පෝෂණය වෙනුවෙන් පෝෂණ මළු ලබාදීමේ සමාජ සත්කාර වැඩසටහනක් කොස්ගම අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වුණා. ඉතාලියේ සිටින වීනා ගමගේ මහත්මියගේ ධන පරිත්‍යාගයෙනුයි මෙය සිදු කෙරුණේ. අලුත් අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරිය, ආචාර්ය මණ්ඩලය,දරු දැරියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.