ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට නිලි ඈන්ඩ් හෙෂීගේ ජීවිතය බේරාගැනීමට නොහැකි අවදානමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඈන්ඩ් හෙෂී ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් ඇය බරපතල තුවාල ලැබුවා. මේ වන විට ඇය කෝමා තත්ත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මොළයට ඔක්සිජන් සම්පාදනය වීම අවම මට්ටමක ඇති බැවින් ජීවිතය බේරාගැනීමට අසීරු බව වෛද්‍ය විශේෂඥයන් සදහන් කළා. ඩොනී බ්රැස්කෝ, සෙඩා රේපිඩ්ස් වැනි චිත්‍රපටවල රග දක්වමින් ඇය ලොව පුරා ප්‍රසිද්ධියක් දිනාගත්තා.