fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගත් නෞකා 2ක් කළු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම ආරම්භ කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 15:50

යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගත් නෞකා 2ක් කළු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම ආරම්භ කරයි

යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගත් තවත් නෞකා දෙකක් කළු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙහිදී පළමුවරට තිරිගු පිටි නෞකාවක් අපනයනය කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම යටතේ රුසියාව සමග ඇතිකර ගත් ගිවිසුමකට අනුව යුක්‍රේනයේ සිට ධාන්‍ය අපනයනය සිදුවෙමින් පවතිනවා.

මේ වන විට ධාන්‍ය නැව් 14ක් පමණ යුක්‍රේනයේ සිට විදෙස් රටවලට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයට යුද්ධයෙන් බාධා එල්ලවීමත් සමග අප්‍රිකා කලාපය ඇතුලු රටවල් රැසක ආහාර අර්බුදයක් නිර්මාණය වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්