fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකු නිලධාරීන් ප්‍රාන ඇපයට ගත් ලෙබනන පුද්ගලයෙකුට මහජනතාවගේ සහය ලැබෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 12:58

බැංකු නිලධාරීන් ප්‍රාන ඇපයට ගත් ලෙබනන පුද්ගලයෙකුට මහජනතාවගේ සහය ලැබෙයි

ලෙබනනයේ බැංකුවක සිය තැන්පතු මුදල් ලබා නොදීම නිසා ගිනි අවියක් පෙන්වා  බැංකු කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට තබා ගත් පුද්ගලයෙකුට එරට මහජනතාවගේ සහයෝගය ලැබී තිබෙනවා.

පැය 6කට වැඩි කාලයක් මෙම පුද්ගලයා බැංකු නිලධාරීන් ප්‍රාන ඇපයේ තබාගෙන සිටි බවයි සදහන් වන්නේ. රටතුළ පවතින ආර්ථික අර්බුදය නිසා පුද්ගලයන්ට බැංකු ගිණුම්වලින් මුදල් ආපසු ලබා ගැනීමට සීමා පැනවීම් සිදුකර තිබෙනවා.

මෙම පුද්ගලයා සදහන් කරන්නේ තමන්ගේ මුදල් තමන්ට ලබා ගැනීමේ අයිතියක් ඇති බවයි. කෙසේ වෙතත් අවසානයේ ඇමෙරිකා ඩොලර් තිස්පන්දහසක මුදලක් ඔහු වෙත නිකුත් කිරීමට බැංකු නිලධාරීන් එකගවූ අතර සාමාකාමීව ගැටලුව විසදාගැනීමට හැකිවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්