fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මූල්‍ය පරිත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2022 17:18

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මූල්‍ය පරිත්‍යාගයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඔස්ටේ‍රලියානු ඩොලර් 45,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂ 17 කට හා ඔවුන්ගේ පවුල් වෙත යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල බෙදාහැරීමටයි තීරණය කර ඇත්තේ.

මේ සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කලේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ඒරන් ෆින්ච් හා පැට් කමින්ස් විසිනුයි.

සති කිහිපයකට පෙර පැවති ඔස්ටේ‍රලියා – ශ්‍රී ලංකා තරග සංචාරයේදීයි මෙම අරමුදල එක් රැස් කිරීමට පියවර ගෙන තිබුණේ.

ලාංකික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාද මෙම මුදල් යෙදවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2022 17:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්