ඉතා සුළු පිරිසක් අරගල භූමියේ තවදුරටත් රැඳී සිටී
Related Articles
ගාලු මුවදොර අරගල භූමියෙන් ක්‍රියාකාරී පිරිස් ඉවත්ව ගිය ද තවත් සුළු පිරිසක් එහි රැදී සිටිනවා.
ගාලුමුවදොර අරගලභූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය කළ දැනුම්දීමට අනුව ඉන් ඉවත්වීමට අරගලයේ ක්‍රියාකාරී කණ්ඩායම් තීරණය කළා. ඒ අනුව ඔවුන් එහි ඉදිකර තිබූ කූඩාරම් ගලවා ඉවත් කර අරගලභූමියෙන් පිටව ගියා. කෙසේ වුවද තවමත් කූඩාරම් 15 ක් පමණ ඉතිරිව තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේ අරගලභූමිය දිස් වූයේ මේ අයුරින්.
කෙසේ වුවද සුළු පිරිසක් අරගලභූමියේ තවදුරටත් රැදී සිටින අයුරු අද පෙරවරුවේ දැකගත හැකි වුණා.
මේ අතර පසුගිය ජුලි 13 වනදා පොල්දූව හන්දිය අසල පැවති විරෝධතාව අතරතුර පොලිස් ත්‍රීරෝද රථයකින් කදුලු ගෑස් උණ්ඩ පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බත්තරමුල්ල පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.