රට වෙනුවෙන් යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන්නැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂයේ සමගි ජන බලවේගයෙන් අද ඉල්ලීමක් කළා.
අද පාර්ලිමේන්තුව අමතමින් සංචාරක අමාත්‍යවරයා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ඇති කිරීමට ඇති එකම මාර්ගය මෙය බවයි.
රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සමගි ජන බලවේගය වෙත ආරාධනා කරමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජාතිය සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟ වන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටියා.
කිසිදු දේශපාලන පක්ෂයක් කඩා බිඳ දැමීමේ අදහසක් තමාට නොමැති බව පැවසූ අමාත්‍යවරයා, තමන් දැන් රජය සමඟ එක්ව කටයුතු කළත් තම පක්ෂය කෙරෙහි තවමත් විශ්වාසය තබා ඇති බවද පැවසුවා.
සමගි ජන බලවේගය එක්වීමට අපොහොසත් වුවහොත් කවුරු හෝ කුමන පක්ෂයක් ඉදිරිපත් වුවද ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.