නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 50,000 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටි යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගමන් මළු තුළ සගවා මෙම දුම්වැටි රැගෙන එමින් තිබූ බවයි වැටලීම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් සදහන් කළේ. සැකකාර යුවළ අබුඩාබි සිට EY 264 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.