ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි
Related Articles
වැඩි මුදලට අලෙවි කිරීම සදහා නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.
හම්බන්තොට ධීවර වරාය අසල මෙම ඩීසල් තොගය ගබඩා කර ඇති බවට ලැබී තිබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලිමක් සිදු කළා.
එහිදී ඩීසල් ලීටර් දහනව දහසක් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.
මෙම ඉන්ධන තොගය වැල්ලවාය පැලවත්ත ප්‍රදේශයට මාළු ප්‍රවාහන ලොරි රථයකින් රැගෙන යාමට සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී හෙළි වුණා.
සැකකරුවන් හා ඩීසල් තොගය වැඩිදුර විමර්ශන සදහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.