කසල තේ තොගයක් ගම්පොල දී පොලිස් අත්අඩංගුවට
Related Articles
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් ගම්පොල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තේ සදහා නිකුත් කරන ඉහළ ප්‍රමිති සහතික ඇතුළත් ලාංඡන සහිත ඇසුරුම් 34 ක මෙම කසල තේ තොගය අසුරා තිබූ බවයි පොලීසිය පවසන්නේ.
ඒවා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැණුනේ පොලීසියට ලද තොරතුරක් මත තේ මණ්ඩල නිලධාරීන්ගේ සහයෝගයද ඇතිව සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර කසල තේ තොගය උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බව ප්‍රශ්න කිරීම්වල දී හෙළිවුණා.
ගම්පොල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.