fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්කෝටි විසි ලක්ෂයක ස්වරණාභරණ සමඟ යුවලක් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 21:06

එක්කෝටි විසි ලක්ෂයක ස්වරණාභරණ සමඟ යුවලක් රේගු දැලේ

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වරණාභරණ තොගයක් මෙරට රැගෙන එමින් සිටි යුවලක් කටුනායක ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව් වයි 373 දරණ ගුවන්යානයෙන් මෙම යුවල කටුනායක ගුවන්තොටුපල වෙත අද පස්වරුවේ පැමිණියා. ශ්‍රී ලාංකික විවාහක යුවලක් වන මොවුන් ඇදුම් අතර සඟවාගෙන ස්වර්ණාභරණ තොගය රට තුළට ගෙන ඒමට උත්සාහ දරා තිබෙනවා. එහිදී රේගු නිලධාරීන් මෙම යුවල ස්වර්ණාභරණ තොගය ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 21:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්