fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු ගල්කොරියකින් වැටී මරුට  

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 19:00

සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු ගල්කොරියකින් වැටී මරුට  

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වන තුවාන් ශිරාන් නමැත්තා  ගල්කොරියකින් පහළට වැටී ජීවිතක්ෂයට පත්  වුණා.

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම කුලී ඝාතකයකු වන තුවාන් ෂිරාන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. නවගමුවේදී අත්අඩංගුවට ගත් ඔහු අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ දැරූමේදී ගල්කොරියකුනි පහළට වැටී මිය ගොස් තිබෙනවා. සංවිධානාතාමක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයකු ලෙස කටයුතු කළ තුවාන් ශිරාන් පසුව හරක්කටාගේ ගෝලයකු ලෙස කටයුතු කර ඇති බවයි පොලීසිය පවසන්නේ. වැල්ලම්පිටියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම, මෝදරදී 2016 වසරේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම වැල්ලම්පිටිය ප්‍රදේශයෙදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම මෙන්ම 2019 වසරේදී මාදින්නාගොඩදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම ඔහුට එරෙහි එල්ල වී ඇති චෝදනා වනවා. මීට අමතරව අවස්ථා කිහිපයකදී ඔහු මත්ද්‍රව්‍ය සහ අත්බෝම්බ ළග තබාගැනීම් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත් වූවෙක්. මෙසේ අපරාධ රැසක් සිදුකොට ආරක්ෂක අංශවලට හසු නොවන අයුරින් සැගව සිටියදීයී ඔහු කොටු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තුවාන් ශිරාන් අත්අඩංගුවට ගෙන විමර්ශන කරමින් සිටියදීයී මෙසේ පලායාමට උත්සාහකිරීමේදී ගල්කොරියට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්