ග්රාම නිලධාරීවරයෙකුගේ නිවසේ සඟවා තිබූ ඩීසල් ලීටර් දහසක් සොයාගත් බව මීගොඩ පොලීසිය පවසනවා.
මීගොඩ දහම් මාවත පිහිටි මෙම නිවසේ ඩීසල් තොගයක් ගබඩා කර ඇති බවට මීගොඩ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ සෝදිසියකදී අදාළ ඩීසල් තොගය සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. වැඩි මිලට අලෙවි කිරීම සදහා මෙම ඩීසල් සඟවා තිබූ බව පොලීස් පරීක්ෂනවලදී හෙළිවුණා. අත්අඩංගුවට ගත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් 440,000 ක් වන අතර සැකපිට ග්රාම නිලධාරීවරයාගේ සොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.