fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්දිරවලට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 09:08

මන්දිරවලට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම මෙන්ම අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළුවී දේපල හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 28 වන දින කොටුව පොලිස් වසමේ බැංකු මාවත ප්‍රදේශයේ දී උද්ඝෝෂණයකට එක්ව රජයේ දේපලවලට හානි සිදුකර පොලිස් රාජකාරියට බාධාකිරීම හා ජුලි 9 වන දින ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම යන චෝදනා මත එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් කොළම මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

මේ අතර අරලියගහ මන්දිර පරිශ්‍රයට ජුලි 9 වනදා ඇතුළුවී දේපලවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ දකුණු අපරාධ විමර්ශන අංශය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බම්බලපිටිය ආදිමලේ වීථියේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොල්ලුපිටිය පදිංචි 53 හැවිරිදි අයෙක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2022 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්