වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු පිළිබඳ අවධානය
Related Articles
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් යොදවා සංවර්ධනය කෙරෙන නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සැලසුම් කර ඇති පරිදී අවසන් කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා උපදෙස් ලබාදුන්නා.
වරාය අධිකාරියේ කළමනාකාරීත්වය සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු පිළිබද මෙහිදී අවධානය යොමු කෙරුණා. රට තුළ පවතින ආර්ථික අවපාතයට බලපෑ දේශපාලන අස්ථාවරත්වය ඩොලර් හිගය, අරගලය වැනි හේතූන් නිසා වරායේ මෙහෙයුම් කටයුතු කෙරෙහි බලපෑම් සිදුවූ ආකාරය පිළිබද සොයා බැලුනා. දුෂ්කර තත්ත්වයක සිට අත්‍යවශ්‍ය සේවා රාජකාරීවල නිරතවල වරාය සේවකයන්ගේ සුබ සාධනය විධිමත් හා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ලෙස සකස් කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.