සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් හෝ ජලාශයක් ඉදිනොකරන බවට ප්‍රතිඥාවක්
Related Articles
ලෝක උරුම සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙලිකර මාර්ගයක් හෝ ජලාශයක් ඉදි නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රතිඥාව ලබාදුන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැදවූ අවස්ථාවේයි. සිංහරාජ වනාන්තරය හෙළිකර මාර්ගයක් හා ජලාශයක් ඉදි කිරීමට ගෙන තිබූ තීරණයක් අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මංමාවත් ඉදි කිරීමක් සිදු නොකරන බවයි. දැනට පවතින මාර්ග පුළුල් කිරීමක් සිදු නොකරන බවද ඇය දැනුම් දුන්නා. ගිංගග ජල යෝජනා ක්‍රමය යටතේ රක්ෂිත කලාපය තුළ ජලාශයක් ඉදි නොකරන බවටද රජයේ නීතීඥවරිය ප්‍රතිඥාවක් ලබාදුන්නා. මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 8 වනදාට කල්තැබුවා.