fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 11:09

සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.මෙහිදී බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 303ක් රැස්කළ අතර සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 48යි පන්දු දෙකකදී කඩුලු 5 ක් දැවී ලකුණු 307 ක් ලබා ගනිමින්. ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා නොදැවී ලකුණු 135 ක් රැස් කළා. අද තරගයේදීත් පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම සහභාගි වන බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යහ්න 12.30 ට හරාරේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 11:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්