නිලානි සහ කාලිංග 7 වන ස්ථානයට
Related Articles
කාන්තා මීටර් 3000 ඉසව්ව නියෝජනය කරමින් අවසන් මහා තරගයට එක්වූ නිලානි රත්නායකට එහි 7 වන ස්ථානය හිමිවුණා.
ඒ සදහා ඇය ගතකළ කාලය විනාඩි 10යි දශම 034ක්. තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට එක්වූ කාලිංග කුමාරප්පෙරුම එම තරගයේ 7 වන ස්ථානයට පත්වූයේ තත්ත්පර 47ක කාලයක් වාර්තා කරමින්. කෙසේ වෙතත් ඔහුට තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 4ක් සටහන් වී ඇති අතර ඊට එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත්. මෙහිදී පාලිත බණ්ඩාර පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත් අතර යුපුන් අබේකෝන් මීටර 100 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තා.
ඩිලංක ඉසුරු කුමාර බර ඉසිලීම නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනාගත් අතර නෙත්මි අහිංසා පෝරුතොට ඊයේ දිනයේදී මල්ලවපොර ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තා.