ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මනමාලයන් වෙළෙඳපොළක්
Related Articles
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මනමාලයන් වෙළෙදපොළක් මේ දිනවල පැවැත්වෙනවා.
වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහන වසර 700කට අධික කාලයක් බිහාර් ප්‍රාන්තයේ ජනතාව සාම්ප්‍රදායිකව සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සෞරත් සභා ලෙස හැදින්වෙන මෙය බිහාර් ප්‍රාන්තයේ මධුභානී දිස්ත්‍රික්කය පාදක කරගනිමින් ක්‍රියාත්මක වනවා.
මනමාලයන් වීමට කැමැත්තෙන් සිටින තරුණයන් මෙම ස්ථානයට රැස්ව රැදී සිටින අතර විවාහයට සුදුස්සන් තෝරා ගැනීමට කාන්තා පාර්ශ්වයට ඉඩ ලැබෙනවා. මෙහිදී දෑවැද්ද සම්බන්ධයෙන් ද කතාබහ කර ගැනීම් සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.