fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාරය අරාබි ලීගයේ දැඩි විවේචනයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 15:09

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාරය අරාබි ලීගයේ දැඩි විවේචනයට

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ලකර ඇති ප්‍රහාරය අරාබි ලීගයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයෙන් වයස අවුරුදු 5ක කුඩා ගැහැණු දරුවෙකු මිය යාම ලොවපුර දැඩි ආන්දෝලනයකට ලක්වුණා. අරාබි ලීගය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරමින් සිටින බවයි. ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මානව හිමිකම් සංවිධාන වහා පියවර ගත යුතු බවද අරාබි ලීගය නිකුත්කළ නිවේදනයේ දැක්වුණා. ගාසා තීරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට වගකිව යුත්තේ ඊශ්‍රායල බලධාරීන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්