fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට පස්වරුව වෙන තෙක් QR කේතය සඳහා වාහන ලියාපදිංචියට අවසර නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 12:36

හෙට පස්වරුව වෙන තෙක්  QR කේතය සඳහා වාහන ලියාපදිංචියට අවසර නැහැ

ඉන්ධන ලබා ගැනිමට කිව් ආර් කේතය සදහා අලුතින් වාහන ලියාපදිංචියට හෙට පස්වරුව වෙන තෙක් අවස්ථාව හිමිවන්නේ නැති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට පැය 48 ක කාලයක් සදහා කිව් ආර් කේතයට ලියාපදිංචි විය නොහැකියි.

කෙසේ වෙතත් කිව් ආර් කේතය සදහා දැනට ලියාපදිංචි වී ඇති වාහන සදහා මෙම පද්ධති අලුත්වැඩියාවෙන් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. ලබන මාසය සදහා අවශ්‍ය කරන ඉන්ධන තොගද මේ වනවිට ඇනවුම් කර අවසන්.

කිව් ආර් කේතය මගින් ඉන්ධන නිකුත් කිරීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට සාර්ථකව සිදුවනවා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල පසුගිය දිනවල පැවති දිගු පෝලිම්වල විශාල අඩුවක් දක්නට ලැබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්